ළමයින් සහ වයස අවුරුදු 18 දක්වා යොවුන් පෙලට යෝග්‍ය LOLC ෆිනෑන්ස් චැම්ප් ඉතුරුම් ගිණුම නිර්මාණය කර ඇත්තේ දරුවන්ගේ වර්තමානය හෝ අනාගතය වෙනුවෙන් සිය අපේක්ෂා සාක්ෂාත් කරගැනීම සඳහා දෙමාපියන්ට සහය වීමේ අරමුණෙනි. ආකර්ශනීය තෑගි රැසක් සමඟ ඉදිරිපත් කෙරෙන මෙම ඉතුරුම් ගිණුම මඟින් ඔබේ දරුවාට ඔහුගේ / ඇයගේ පෞද්ගලික මූල්‍ය කටයුතු වඩාත් වගකීමකින් සහ ස්වාධීන ලෙස කළමනාකරණය කරන ආකාරය උගන්වයි. LOLC ෆිනෑන්ස් චැම්ප් ඉතුරුම් ගිණුමක් තෝරාගෙන ඔබේ දරුවාට ඔහුගේ ජීවිතයේ හොඳම දේ ලබා දෙන්න.
බාලවයස්කාර දරුවන් සඳහා දෙමාපියන් හෝ භාරකරුවෙකු විසින් ගිණුම් ආරම්භ කළ හැකිය. ඉතිරිකිරීම ළමයින්ට සිත්ගන්නා සුළු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා වයස අවුරුදු 14 සහ ඊට අඩු ගිණුම් හිමියන්ට ආකර්ෂණීය පොලියක් ලබා දී ඇත.