English தமிழ்
දැන්ම විමසන්න

මුධාරභා (Mudharabah)


අපගේ ආයෝජන සේවාවන් ලාභ බෙදාගැනීමේ මූලධර්මය මත පදනම් වේ. සෑම ආයෝජනයක්ම ඉස්ලාමීය ආර්ථික මාර්ගෝපදේශ වලට අනුකූලව ක්‍රියාත්මක වීම අල්-ෆලාහ් (Al-Falaah) සහතික කරන අතර, අපගේ අගනා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇත.

මුධාරභා (Mudharabah)ආයෝජන


මුධාරභා (Mudharabah) ආයෝජන යනු ආයෝජකයා සහ ව්‍යවසායකයා (අල්-ෆලාහ්) යන පාර්ශ්ව දෙක අතර ලාභ බෙදාගැනීමේ ගිවිසුමකි. ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය ඉහල යන තරමට ඔබ වෙත ගෙවිය යුතු ලාභය ඉහල යන අතර, එය ආයෝජකයා සහ ව්‍යවසායකයා අතර එකඟ වූ පූර්ව නිශ්චිත අනුපාතයක් මත බෙදාගනු ඇත.

  • මාස 1 සිට මාස 60 දක්වා ආයෝජන විකල්පයන් තෝරාගැනීමට හැකිවීම.
  • ලාභය, මාසිකව, වාර්ෂිකව හෝ කල් පිරීමේ පදනම මත ලබා ගැනීමේ හැකියාව
  • ලාභය ඔබ විසින් අප සමඟ පවත්වා ගෙන යනු ලබන මුධාරභා (Mudharabah) ඉතුරුම් ගිණුමට හෝ ඔබට අවශ්‍ය පරිදි වෙනත් බැංකු ගිණුමකට බැරකළ හැක.
  • 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා සහ දිවයින පුරා පිහිටි විශේෂිත අල්-ෆලාහ් (Al-Falaah) මධ්‍යස්ථාන ඔස්සේ ප්‍රවේශය.

මුධාරභා (Mudharabah) ඉතුරුම් ගිණුම


මුධාරභාහි (Mudharabah) දිගුවක් වූ මෙම සුවිශේෂී ඉතුරුම් ගිණුම ඉලෙක්ට්‍රොනිකව යාවත්කාලීන කල පාස් පොතක් සමඟ කරදරයකින් තොර පහසු ඉතුරුම් මගක් සලසන අතර සමාගමේ ඕනෑම ශාඛාවක් හරහා ඔබට ප්‍රවේශය සලසනු ඇත. Maestro ජාලයට එක්වූ කර්මාන්තයේ ප්‍රථම ATM කාඩ්පත සමඟ ජාත්‍යන්තර ATM ජාලය හරහා ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

  • පාස් පොත සහ ATM පහසුකම් සහිත පූර්ණ – සංකලිත ඉතුරුම් ගිණුම
  • විසා ඩෙබිට් කාඩ් සහ ATM කාඩ්පත් හරහා ගෝලීය ප්‍රවේශය
  • LOLC රියල් ටයිම් එසැනින් අන්තර්ජාල බැංකු පහසුකම්
  • දිවයින පුරා 600 ඉක්මවූ කොමර්ෂල් බැංකු ATM යන්ත්‍ර හරහා ප්‍රවේශය
  • විශේෂිත අල්-ෆලාහ් (Al-Falaah) මධ්‍යස්ථාන 07 ක් සහ දිවයින පුරා පිහිටි 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා හා සේවා මධ්‍යස්ථාන ඔස්සේ පුළුල් ප්‍රවේශය
  • අසීමිත මුදල් ඉවත් කර ගැනීම් සහ තැන්පතු
  • මාසිකව ඉහලම ලාභ ප්‍රතිලාභ
  • කර්මාන්තයේ ප්‍රමුඛතම විද්වතුන්ගේ අධීක්ෂණය

මුධාරභා (Mudharabah) සුපර් සේවර්


“මුධාරභා (Mudharabah) සුපර් සේවර්” මගින් ඔබ ඉතිරි කරන මුදල් සදහා සුවිශේෂී “සුපිරි” ප්‍රසාද ප්‍රතිලාභ. ලාභ බෙදා ගැනීමේ මූලධර්මය මත පදනම්වූ ඔබගේ ප්‍රගතිශීලි ඉතිරිකිරීමේ විනය උදෙසා ප්‍රතිලාභ.


අවම ආයෝජනය ට     : රු 10,000/-
ලාභ බෙදීමේ අනුපාතය (PSR): 30:70 (ආයෝජක : සමාගම)

ඉතිරීකිරීමේ ශේෂය
(රුපියල්)
ප‍්‍රසාද ලාභ බෙදීමේ අනුපාතය
(%)
ආයෝජක
අනුපාතය
සමාගම්
අනුපාතය
15,000/- to 24,999/-
2.50%
32.50%
67.50%
25,000/- to 34,999/-
2.50%
35.00%
65.00%
35,000/- to 49,999/-
2.50%
37.50%
62.50%
50,000/- to 64,999/-
2.50%
40.00%
60.00%
65,000/- to 74,999/-
2.50%
42.50%
57.50%
75,000 සිට ඉහළට
2.50%
45.00%
55.00%

ඉහත සදහන් ලාභ බෙදීමේ අනුපාතය (PSR), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද, 2011 අංක 42 දරණ මුදල් ව්‍යපාර පනත යටතේ, 2020 අංක 4 දරණ (තැන්පතු සහ ණය උපකරණ මත ගෙවන උපරිම පොලී අනුපාත සංශෝධන) විධානයට යටත් වේ.

*(කොන්දේසි අදාළ වේ)