English தமிழ்
දැන්ම විමසන්න

බී.සී.ජී. ද සිල්වා මහතා - විධායක නොවන සභාපති

බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා, LOLC ෆිනෑන්ස් පී.එල්.සී සහ LOLC (කාම්බෝජය) පී.එල්.සී හි සභාපතිවරයා වෙයි. ඔහු සීමාසහිත LOLC මියන්මාර් මයික්‍රො ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ. බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා 2003 සිට 2015 දක්වා LOLC ෆිනෑන්ස් පී.එල්.සී හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ 2017/18 LOLC මයික්‍රො ක්‍රෙඩිට් අධ්‍යක්ෂවරයා ලෙස LOLC සමූහයේ කටයුතු කළේය. LOLC සමූහයට එක්වීමට පෙර ඔහු 1984 සිට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සහ සාමාන්‍යාධිකාරී තනතුරු දරමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා කර්මාන්තයේ (NBFI) සේවය කර තිබේ.

ඔහු අලෙවිකරණ සහ විකුණුම්, ණය සහ අයකරගැනීම් කළමනාකරණ මෙන්ම මූල්‍ය ආවරණය කරමින් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක අත්දැකීම් සහ විද්වත් භාවයක් ලබා ඇත. බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකු වන අතර 2010 සිට 2015 දක්වා වසර පහක කාලයක් එහි ගරු ලේකම්වරයා විය. ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ආයතන සම්මේලනයේ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර නමයක් සේවය කළ අතර ඉන් වසර හතරක් උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් සීමිත (වගකීම්) සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අතර 2015 වසරේදී එම තනතුරු වලින් ඉවත් විය. ඊට අමතරව ඔහු අබාධිත තැනැත්තන්ට සේවා සලසන රාජ්‍ය නොවන සංවිධානයක් වන තංගල්ල නවජීවන පුනරුත්ථාපන ආයතනයේ විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

එෆ් කේ සී පී එන් ඩයස් මහතා-අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී

කොන්රඩ් ඩයස් මහතා 2020 මාර්තු 01 වනදා අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කරන ලදී. එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (FCMA) සහ ඇමරිකා එක්සත් ජනපදයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CGMA - USA) ආශ්‍රිත සාමාජිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (FCMA) සහ බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (FBCS) ආශ්‍රිත සාමාජිකයෙකි. දශක 3 කට ආසන්න කාලයක් පුරා විහිදුනු අත්දැකීම් සහිත ඔහු ව්‍යාපාර තාක්‍ෂණයේ ඉදිරි දැක්මක් සහිත නායකයෙකු ලෙස ලැබූ පළපුරුද්ද වසර විස්ස ඉක්මවයි. ඔහු ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්‍ෂණ කළමනාකරණය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපෘති කළමනාකරණය, ක්‍රමෝපාය සහ ආයෝජන සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සහ ඒකක භාර සහ අරමුදල් කළමනාකරණය යන අංශ වල ප්‍රවීණයෙකි.

එමෙන්ම ඔහු තොරතුරු තාක්‍ෂණය, වෙළෙඳ, බැංකු සහ මූල්‍ය, රක්‍ෂණ, ආයෝජන කළඹ / වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හී විශේෂඥතාවක් ගොඩනඟා තිබේ. මූල්‍ය තාක්‍ෂණය (Fintech) පිලිබඳ දැඩි උද්යෝගයකින් යුත් ඔහු මූල්‍ය තාක්‍ෂණ නිෂ්පාදන සහ විසඳුම් කිහිපයක්ම හඳුන්වා දුන් අතර, ගෙවීම් වලින් ඔබ්බට ගිය විප්ලවකාරී ගෙවුම් වේදිකාවක් වන iPay හි නිර්මාතෘවරයා මෙන්ම සැමදා ගෙවුම් දිනයක් කරන OYES මූල්‍ය තාක්‍ෂණ වේදිකාවේ නිර්මාතෘවරයාද වෙයි. තාක්‍ෂණය පිළිබඳ ඔහුගේ දැක්ම සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) අංශයෙන් කර්මාන්තයට, සමාජයට සහ LOLC සමූහයට ඔහු දැක්වූ දායකත්වය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින්ම පිළිගැනීමට ලක්විය. ශ්‍රී ලංකා පරිගණක සමාජය පිරිනැමූ 2016 වසරේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරියා (CIO) සඳහා වන කීර්තිමත් තිළිණයද ඒ අතර වෙයි. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනය මගින් ඔහුට 2017 වසරේ වෘත්තීය විශිෂ්ඨතා සම්මානය පිරිනැමීය. මීට අමතරව ජාත්‍යන්තර දත්ත සමූහයේ (International Data Group – IDG) 2020 සදාතනික ගෝලීය ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරී (IDG CIO100 Global CIO Hall of Fame 2020) සම්මානනීයත්වයට පත් වූ ඔහු, මෙම ගෞරවය හිමි කර ගැනීමට සමත්වූ එකම ශ්‍රී ලාංකිකයා වේ.

සමූහයේ හිටපු ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරියා (CIO) වූ ඔහු දැන් LOLC ටෙක්නොලොජීස් ලිමිටඩ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඔහු PickMe ලෙස ජනප්‍රිය ඩිජිටල් මොබිලිටි පුද්ගලික සමාගමේ සමාරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකුද වේ. තවත් ජනප්‍රිය නවෝත්පාදන අතත්‍ය වෛද්‍ය වේදිකාවක් වන ඕඩොක් පුද්ගලික (ODoc) සමාගමේ මෙන්ම තවත් විදේශිය අනුබද්ධ සමාගම් රැසක ඔහු අධ්‍යක්‍ෂ තනතුරු දරයි.

කේ.යූ. අමරසිංහ මහත්මිය - විධායක අධ්‍යක්ෂිකා

ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් දරන කල්ෂා අමරසිංහ මහත්මිය ආයෝජන පිළිබඳ විශිෂ්ට දර්ශනයක් විදහා දක්වා ඇත. ඇය බ්‍රවුන්ස් සමූහයේ අනුබද්ධ සමාගම්වල සහ LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී හි අධ්‍යක්ෂ මණ්ඩල වල කටයුතු කරයි.

අනිකුත් ප්‍රධාන පත්වීම් :
විධායක අධ්‍යක්ෂිකා - LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී, LOLC ෆිනෑන්ස් පී.එල්.සී, LOLC ජීවිත රක්ෂණ සමාගම, පාම්ගාඩ්න් හොටෙල්ස් පී.එල්.සී, රිවරිනා රිසෝට්ස් (පුද්) සමාගම, ඊඩ්න් හොටෙල්ස් ලංකා පී.එල්.සී, බ්‍රවුන්ස් සහ සමාගම පී.එල්.සී, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී, බ්‍රවුන්ස් කැපිටල් පී.එල්.සී, ග්‍රීන් පැරඩයිස් (පුද්) සමාගම, සන් ඇන්ඩ් ෆන් රිසෝට්ස් ලිමිටඩ් සහ බ්‍රවුන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ්

පී.ඒ. විජේරත්න මහතා - ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නිලධරයකුවූ පී.ඒ.විජේරත්න මහතා ගිණුම්කරණය, මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර අරමුදල් ආයෝජන, විදේශ ණය බෙදාහැරීම් හා ආපසු ගෙවීම්, විගණන හා පරිපාලන කටයුතු පිළිබඳ වසර 20 කට අධික අත්දැකීම් ලබා ඇත. 1991 වසරේ මහ බැංකුව සමඟ එක්වූ ඔහු 2016 වසරේදී විශ්‍රාම ගැනීම දක්වා එහි මූල්‍ය, රාජ්‍ය ණය කළමනාකරණ සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු වල සේවය කර ඇත.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් (විශේෂ ක්ෂේත්‍රය - වාණිජ) දරන අතර ගණකාධිකරණය සහ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි. එමෙන්ම විජේරත්න මහතා එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ සහ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ MSc. උපාධියද ලබා ඇත.

කේ. සුන්දරරාජ් මහතා - ස්වාධීන අධ්‍යක්‍ෂ

කන්දයියා සුන්දරරාජ් මහතා ගණකාධිකරණය, විගණනය සහ බදු උපදේශනය පිළිබඳ වසර 27 කට වැඩි පළපුරුද්දක් ලබා ඇත. 1998 වසරේ වරලත් ගණකාධිකාරවරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ඔහු දැනට අමරසේකර සහ සමාගමේ (වරලත් ගණකාධිකාරීවරු) බදු හවුල්කරු ලෙස කටයුතු කරයි.

සුන්දරරාජ් මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබා ඇත.